ගාල්ලේ දරුවෙක් කොරෝනාවෙන් මරුට

ගාල්ල ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටි මාසය එකහමාරක් වයසැති බිළිඳකු කොරෝනා ආසාදනය වී මියගිය බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ රංග සභාපතිගේ මහතා පවසයි.

ඇල්පිටියේ, වල්අඹගල, ඉහළගහවත්ත පදිංචි දෙව්මිණි කුමාරි නමැති මවකට උපන් මේ දරුවා උපතින්ම හෘද රෝගී තත්වයක් සහ තවත් සංකූලතා ඇතිව උපත ලැබූ දරුවෙකි.

මැයි මස 17 වැනි දා දරුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර නිව්මෝනියා තත්වයක් වැළදී ඇති බව තහවරු කරගත් වෛද්‍යවරු එම දරුවා ළදරු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළහ.

එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී දරුවාගේ පටක සාම්පල වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමුකර ඇති අතර එහි දී තහවරු වූයේ දරුවාට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 24 වැනි දා දරුවා මියගියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *