ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටියදි ගෙළ වැළලාගෙන මියගිය සිරකරුවාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල බන්ධනාගාරය පවසනවා.
මෙම සිරකරු මිය යාමෙන් පසුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි කරණු ලැබු පි.සි.ආර්. පරික්ෂණයේ දි ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි තිබෙනවා,
සිරකරුවගේ පළමුපෙළ ආශ්‍රිත රැදවියන් තිදෙනෙකු නිරෝධායනය සදහා යොමුකොට ඇති බවද ගාල්ල බන්ධනාගාරය පවසනවා.
සිරකරුවා ඉකුත් වන දින රාත්‍රියේ සිරමැදිරිය තුලදි ගෙල වැළලාගෙන මියගොස් තිබුණා.
මොහු බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක රදවා සිට ඇති අතර ඔහු සරම් පටකින් සිරමැදිරිය තුලදි ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි බන්ධනාගාරය ප්‍රකාශ කළේ.
බන්ධනාගාර නිලධාරින් විසින් මොහුගේ ගෙලෙහි හිරවි තිබු සරම්පටිය ඉවත්කොට මොහු කරාපිටිය රෝහලට රැගෙන යාමට කටයුතු කළද ඒ වනවිටත් මොහු මිය ගොස් සිටි තිබෙනවා.
මියගිය සිරකරුවගේ පශ්චාත් මරණ පරික්ෂණය අද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතයි.