ප්‍රතිසංස්කරණය කරන ලද ගාල්ල ධර්මපාල උද්‍යානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ විවෘත කෙරිණි.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගනිමින් ගාල්ල ඓතිහාසික කොටු බැම්ම ආසන්නයේ පිහිටි ධර්මපාල උද්‍යානය නිසි නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් නෙතට පත් විය. පසුව අමාත්‍ය රමේෂ් පතිරණගේ සහ ගාල්ල මහ නගර සභාවේ ඉල්ලීමකට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ එය නවීකරණය කිරීමට පියවර ගන්නා ලදී. අංගසම්පූර්ණ ක්‍රීඩා පිටියක් සහ ආලෝක පහසුකම් සහිත එළිමහන් රංග ශාලාවක් ඇතුළුව උද්‍යානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රු. මිලියන 200 කි.
උද්‍යානය නිරීක්‍ෂණය කළ ජනාධිපතිතුමා ජනතාව සමඟ සුහද කතා බහක නිරත වූ අතර එළිමහන් රංග පීඨයේ පැවැති සංස්කෘතික සංදර්ශන ද නැරඹීය. ධර්මපාල උද්‍යානයේ විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය සහ තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.