ගාල්ල කොටු පවුරෙන් වැටී විශ්ව විද්‍යාල සිසුවෙක් මරුට

ගාලු කොටුව ගල් බැම්මෙන් ඇද වැටී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ (21) හැවිරිදි හපුගල, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

මෙම තරුණයා ඊයේ (27) රාත්‍රී 7.40ට පමණ මෙම අනතුරට මුහුණදී ඇති අතර, පසුව ඔහුව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

සිය මිතුරන් සමග විනෝද වීම සඳහා ගාල්ල කොටුව ප්‍රදේශයට පැමිණි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන මොහු ගාල්ල කොටු බැම්මේ සිට මුහුදට පනිමින් ත්‍රාසජනක ක්‍රීඩාවේ යෙදෙන ස්ථානයෙන් ඇදවැටී තිබෙනවා.

ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා සිටි තරුණයා පොලිස් නිලධාරින් විසින් කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *