ගංවතුරට මන්ත්‍රීවරුත් කොටුවෙති

ගංවතුර තත්වය හේතුවෙන් සමහර  මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු රැස්වීම්වලට මේ සතියේ සහභාගිවීම අවිනිශ්චිත වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ තත්වය මතුවී ඇත්තේ ගංවතුරෙන් බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන දුෂ්කරතා මතුවීම නිසා යැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ  ඥාති හිතමිත්‍රාදීහු රැසක්ද  ගංවතුරින් අවතැන්ව සිටිති.

එසේම ගංවතුරින් විපතට පත් වූ ජනතාව ගැන සිය ගම් ප්‍රදේශවල රැඳී සිටිමින්  සොයා බැලීමට සිදුවී ඇති බව  මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අප සමග පැවසුහ.

පසුගිය දිනවල ඈදහැලුණු ධාරානිපාත  වාර්ෂාව හේතුවෙන් දකුණු පළාතේ සහ සබරගමුව පළාතේ ප්‍රදේශ රැසක් ගංවතුරින් යටවී ඇත.

පාර්ලිමේන්තුව අද (4)  සිට ලබන සිකුරාදා (7) දක්වාදින හතරක් රැස්වේ.

මේ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව අවට දියවන්නාවේ  ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *