කෝප් පුටුවක් රංජිත්ටත්?

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි  සභා වාරයේ  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) සාමාජික මන්ත්‍රී ලේඛනයට එම කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නමද ඇතුළත් වීම විශේෂත්වයකි.

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විමර්ශනවලදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්  විපක්ෂය ඇතුළු  විවිධ පාර්ශවවලින් පසුගිය කාලයේදී බරපතළ  චෝදනා එල්ල විය.

පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ ඔහු  එම තනතුරින් ඉවත් කිරීමට බවටද දේශපාලන ලෝකයේ මුල් කාලයේ කතා බහක් පැවතිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *