කෝටි 3ක කුඩු සමග අයෙක් මාට්ටු

රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ , වායුසමනය යන්ත්‍රයක ” කොම්ප්‍රෙෂරයක්” තුළ සගවා , කූරියර් පාර්සලයක් ලෙස  සීදුව කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නැමැති පෞද්ගලික බන්ධිත ගුදම් සංකීර්ණය වෙත එවා තිබියදී, එය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ද සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්  ඊයේ (20) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

අප්‍රිකානු රාජ්‍යයක් වන උගන්ඩාවේ සිට මෙම පාර්සලය කොළඹ , මෝදර ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර , එය භාර ගැනීමට එම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කුළී රැකියාවක නිරත , මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණයෙකු සීදුව පිහිටි බන්ධිත ගුදම වෙත පැමිණ සිටි අතර ඔහු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ඉන්පසුව ඔහු ඉදිරිපිට දී මෙම “කොම්ප්‍රෙෂරය ” ගලවා පරීක්ෂා කිරීමේදී , ඒ තුළ සගවා තිබූ ග්‍රෑම් 483 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබුණි .

මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අඩංගු පාර්සලය සීදුව කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් බන්ධිත ගුදම වෙත ගුවන් තැපැල් සේවය ඔස්සේ ඉකුත් 11 දින ලැබී තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා භාර ගැනීමට සීදුව බන්ධිත ගුදම වෙත පැමිණි කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *