සූරියවැව ප්රදේශයේ අක්කර විස්සක ඉඩමක කර්මාන්ත පුරයක් ඉදිකිරීම වෙනුවෙන් වැය කරන ලද රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් නාස්ති වී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක් සඳහන්වේ.
මන්නාරම දිස්ත්රික්කයේ අක්කර විසි හතරක ඉඩමක රුපියල් කෝටි තිස් හයකට ආසන්න මුදලක් වැය කර්මාන්ත පුරයක් ඉදිකර වසර දහතුනක් ගතවී තිබුණද අක්කර හයක භූමියක එක් කර්මාන්තකරුවකු පමණක් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන බව නිරීක්ෂණය වූයේ යැයි ජාතික විගණන කාර්යාලය පවසය. අනෙකුත් කර්මාන්තශාලා 2023 දෙසැම්බර් 31 දක්වා වනවිටත් ආරම්භ කර නොතිබූ බව වාර්තාවේ දැක්වේ.