කඩදාසි වලට සීමා වුන පනත් වලින් කාන්තාවන්ගේ ජීවිත සංවර්ධනය වන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය
රජය විසින් ඉදිරිපත් කර ඇති කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථාන යේ පැවති මාධ්‍ය හමුවේදී ඇය ඒ බව කීවාය
එම පනත මගින් යෝජනා කර ඇති කාන්තා කොමිෂමට අමතරව වින්දිත කාන්තාවන්ට වඩාත් පිළිගත හැකි ආකාරයෙන් සමථ ක්‍රියාවලියක් ඉටුකිරීමට කාන්තා කටයුතු පිළිබඳව ඔමිබුඩිස්මන්වරයෙක් පත් කිරීමට යෝජනා කර තිබුණත් පනතේ ඒ සම්බන්ධ වගන්ති පැහැදිලි නැතැයිද ඇය සඳහන් කළාය