කොළඹට පැය 15 ක් ජලය නෑ

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අද (29) පැය 15 ක කලයත් අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටු වන බව ද එම මණ්ඩලය සඳහන් කළේය.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයෙන් ජල සැපයුම වන බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩි දුරටත් පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *