කොළඹ ඇතිවන වෙනස මාස හයක් යනවිට බලන්න යැයි නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයේ ව්‍රායි බල්තසාර් මෙනවියට හිමිවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.
කොළඹ නගර සභාවේ ආදායම පසුගිය කාලයේදී සම්පූර්ණයෙන්ම කොළඹ ජනතාවට හිමි නොවූ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා නගර සභාවේ සියලු ආදායම ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදිරියේදී යොදවන බවද ප්‍රකාශ කළේය.
මෙය ඓතිහාසික ජයග්‍රහණයක් බවද ඔහු කීවේය.