කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාවට කොරියා උදව්

කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව වඩා විධිමත් කිරීම සඳහා  ඩොලර් මිලියන 1.3ක වියදමින්  ඉදි කරන ලද නව පැළෑටි නිරෝධායන සේවා ගොඩනැගිල්ල කොළඹ වරාය පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

කොරියා රජය සහ කොරියා අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ සහයෝගයෙන් මෙම නිරෝධායන සේවය අරඹයි.

නව තාක්ෂණය යොදා ගනිමින් ආනයන සහ අපනයන පැළෑටි නිරෝධායනය සඳහා අවශ්‍ය  පර්යේෂණ පහසුකම් හා රසායනාගාර පහසුකම් ස්ථාපිත කර තිබේ.

කොරියා රජය 2019 සිට 2024 දක්වා පැළෑටි නිරෝධායන සේවාව නවීකරණය සඳහා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මෙරටට ආනයනය කරන පැළෑටි මගින් යම් යම් රෝග මෙන්ම පළිබෝධකයින් රටට ඇතුළුවීම වලක්වා ගැනීමට  පියවර ගත් අතර අද සිට එම සේවාව හොඳ පහසුකම් සහිත ගොඩනැගිල්ලක ස්ථාපිත කර තිබෙන බවයි.

මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කොරියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි Miyon Lee, KOICA ආයතනයේ උප සභාපති Mr. Lee Yunyong, KOICA ආයතනයේ මෙරට අධ්‍යක්ෂිකා Ms. Kim Miyungjin මහත්ම මහත්මීහු ද සහභාගී වූහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *