‘‘කොළඹ බලය අපි ගන්නවා‘‘

කොළඹ නගර සභාව සඳහා ජාතික ජනබලවේගය බලය පිහිටුවා නගරාධිපතිවරයකු පත්කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

තනි පක්ෂයක් ලෙස වැඩි බලයක් ලබාගනිමින් කොළඹ නගර සභාවේ බලය පිහිටුවවීම සඳහා වැඩිම අයිතිය ඇත්තේ ජාතික ජනබලවේගයට බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *