කොළඹ, ගම්පහ, යාපනය හා මහනුවර යන දිස්ත්‍රික්කවල වසර පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

කොළඹ, ගම්පහ, යාපනය හා මහනුවර යන දිස්ත්‍රික්කවල වසර පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වි‍ශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ , එම දිස්ත්‍රික්කවලින් වැඩි ප්‍රතිශතයක් ඩෙංගු රෝගීන් වාර්තාවීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

මේ වනවිටත් යාපනයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *