sagala`

කොළඹ ගං වතුරේ සුල මුල සොයයි

කොළඹ දිස්ත්‍රික්කයේ  ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු  ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.

එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් ඇතුලත  ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසද රත්නායක මහතා කීය.

ඒ අනුව ගැටළු විසඳීම සඳහා අදාල ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර සැලසුම් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද රත්නායක  මහතා සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේ  පැවති සාකච්ඡාවේදී රත්නායක මහතා මේ බව කීය.

පසුගිය දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් ප්‍රදේශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම ප්‍රදේශ වල දේශපාලන නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක් වූ බවත්, ස්වභාවික හේතූන් මෙන්ම අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් ද ගංවතුර තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇති බව හඳුනා ගත් බවත් සාගල රත්නායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *