කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ප්‍රමුඛතාවය හදුනාගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා කීය.
ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක අතර කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ව්‍යාපෘති ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක බව අමාත්‍යාංශය පවසයි.