කොවිඩ් වැළදී මියගිය පුද්ගලයෙකුගේ නිවසේ නිරෝධායන කටයුත්තක් සඳහා ගිය PHI ට පහර දීමක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයෙකුගේ නිවසේ නිරෝධායන කටයුත්තක් සඳහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට එම නිවසේදී ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඒ දික්වැල්ල පොලිස් වසමේ කෝන්දෙනිය ප්‍රදේශයේ නිවසේදීය.

දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රාජකාරී කරන එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයින් දෙදෙනා ඉකුත් 13 වනදා අදාළ නිවසට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විසින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *