කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී පසුගිය දෙසැම්බර් 08 වන දින කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මියගිය දින 20 ක් වයසැති බිළිඳාගේ දේහය භාර ගැනීම දෙමව්පියන් විසින් ප්‍රතික්ෂේප කර ඇතිබව රෝහල් ආරන්චි මාර්ග පවසයි .
“මිය ගිය දරුවාගේ මව කියා තිබුනා දරුවා දින එකහමාරක් වගේ නිදිමත ගතියෙන් සිටියා කියා. මෙම නිදිමත ලක්ෂණ පැමිනෙන්නේ රෝගය ගොඩක් උත්සන්න වූ විටයි. තවද මව සදහන් කර ඇති ආකාරයට දරුවාට කිරි දීමේදී කිරි හිරවීමක් සිදුවෙලා තිබෙනවා. යම් හෙයකින් දෙමාපියන් සැලකිලිමත් වෙලා දරුවා මුලින් රෝහලට ගෙනාවනම් දරුවා බේර ගැනීමට ඉඩ තිබුනා. ඉන්පසු අප සිදුකල ඇන්ටිජන් ටෙස්ට් එකෙන් හා පීසීආර් පරීක්ෂණයන් දෙකෙන්ම බිලින්දාට තදබල ලෙස කොරෝනා වෛරසය ශරීරගතවී ඇති බව සනාථ වුණා. දරුවා මිය ගිය පසු අපි දෙමාපියන්ට පොලීසිය මඟින් දැනුම්දුන්නා නමුත් දෙමාපියන් කිසිකෙනෙක් දරුවාගේ මෘත දේහය භාරගැනීමට පැමිණියේ නැහැ. පසුව අපි බිලින්දාගේ දේහය මෘත ශරීරාගාරයට යැව්වා. අවසානයේ දී සන්ධ්‍යා කාලයේ දී රජයේ වියදමින් ආදාහන කටයුතු කිරීමට සිදුවුණා. “