දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව වර්ෂයකදී වාර්තා වූ “ආයු අපේක්ෂාවේ වැඩිම අඩුවීම” 2020 දී වාර්තා වී ඇතිබව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අද එළිදැක්වූ පර්යේෂණ වාර්තාවක දැක්වෙයි.
එහි දැක්වෙන ආකාරයට අමෙරිකානු ජාතිකයෙකුගේ ආයු අපේක්ෂාව වසර දෙකකින් පමණ අඩුවී තිබේ.
එම පර්යේෂණය සඳහා දත්ත යොදාගත් රටවල් 29කින් 27කම ආයු අපේක්ෂාව පහළ ගොස් තිබූ බව එම පර්යේෂණ වාර්තාවේ දැක්වෙයි.
අමෙරිකාව, චිලී සහ යුරෝපයේ රටවල්වලින් එම දත්ත ලබාගෙන තිබුණි.
මේ වනවිට ලොව පුරා කොවිඩ් මරණ මිලියන 5කට ආසන්න වශයෙන් වාර්තා වී ඇති අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය පැවසුවේ ඒ අනුව ලොව බොහෝ රටවල ආයු අපේක්ෂාව පහළ යෑමට කොවිඩ් -19 හේතුවක් වී ඇති බවය.