කොටහේනේ ඝාතනය ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක්

කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට  වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වූ බව පොලිසිය කියයි.

වෙඩි තැබීම කළ බව කියන හිටපු හමුදා සෙබළා සහ යතුරු පැදි කරු ගිනි අවි තොගයක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලිසියට වෙඩි තබා පලායාමට උත්සහ කිරීමේදී පොලිස් ප්‍රතිප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා මිය ගියේය.

රුපියල් ලක්ෂ 2 ක කොන්ත්‍රාත්තුවකට මෙම ඝාතනය සිදු කර ඇති බවත් ඊට අත්තිකාරම් ලෙස සැකකරුවන්ට රුපියල් විසි දහසක මුදලක් ලබා දී තිබූ බවද පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණයය වී ඇත.

කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලවිසලක් තුළ සිටි ශසි කුමාර් නැමත්තාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායි නිපුණ නමත්තාගේ මෙහෙයවීමෙන් පලනි රෙනෝශන් නැමැත්තා විසින් බවට තොරතුරු අනාවරණය වී ඇත.

මිය ගිය සැකකරුවන්  පිළියන්දල ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකු සහ මෝදර ප්‍රදේශයේ පදිංචි (35) හැවිරිදි පුද්ගලයෙකි.

හිටපු යුද හමුදා සෙබලා 2015 වර්ෂයේදී යුද හමුදාවෙන් ඉවත් වූ අයකු වන අතර ඔහු එම ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.

කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී නාලක සේනානායක මහතාගේ මෙහෙයවීම මත කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතා ඇතුළු විනිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *