හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුද්ගලික ලේකම්ව සිටි ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ලබන 03 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර යන අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවා ගනිමින් ඔවුන්ගෙන් කිසිදු රාජකාරියක් රජයට නොගෙන , එම තනතුරුවලට රජයේ මුදලින් වැටුප් ගෙවා එම මුදල් සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.
පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැකකරු අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයන් බඳවා ගනිමින් ,ඔවුන්ට වැටුප් ලෙස රජයෙන් ගෙවූ මුදල් රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් සිය පුද්ගලික පරිහරණයට යොදා ගනිමින්,රජයට පාඩුවක් කළැයි අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.