කුඩා පරිමාණ කෘෂි ව්‍යවසාය සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂවරිය (sapp) ඇතුළු එහි සේවය කරන කිහිප දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩසටහනෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
මහ කන්නයේ බඩ ඉරිඟු වගාවට බීජ, පොහොර සහ බිම් සැකසීම සඳහා දිස්ත්‍රික්ක පහකට වෙන් කරන ලද මුදල් නිසි කලට ලබා නොදීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉහත පියවර ගෙන ඇත.
සමහර ප්‍රදේශවලට මේ වනතුරුත් බඩ ඉරිඟු බීජ සහ අදාල මුදල් ලබාදී නැතැයිද ඇතැම් ප්‍රදේශ වලට දුන් බඩ ඉරිඟු බීජ ප්‍රමිතියෙන් තොර බවද ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙලිතදරව් වී තිබේ.
හම්බන්තොට,අනුරාධපුර,මොණරාගල, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක වල ගොවීන්ට බඩ ඉරිඟු වගාව වෙනුවෙන් රජයේ රුපියල් බිලියන දහයක මුදලක් වෙන් කර තිබූ බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.රජයෙන් වෙන් කළ මුදල් ප්‍රතිපාදන ගොවීන්ට ලබාදීම ප්‍රමාද වීම නිසා ඔවුන්ට රන් බඩු ආදිය උකස් කර වගා කටයුතු කරන්නට සිදුවී තිබූ බවට කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබිණි.