කෘෂි ගොඩනැගිල්ලට දුන් කෝටි 66ක අතිකාරමට මොකද වුනේ

යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් අධික කුලියක් ගෙවා ලබා ගැනීම සම්බන්ධයෙන් රජය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාල ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමට රුපියල් කෝටි 66ක තැන්පතු මුදලක් රජයෙන් එහි අයිතිකරුට ලබා දී ඇති අතර ගොඩනැගිල්ල ආපසු බාරදී වසර ගණනාවක් ගත වුවත් එම තැන්පතු මුදල ආපසු ලබා දී නැති බව කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් පතා ඇතැයිද අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *