කෘත්‍රිම බුද්ධි ශිෂ්‍ය සමාජ පාසල් සීයකට

“කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ ” අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අනාගත ගෝලීය ප්‍රවණතා සඳහා මුහුණ දිය හැකි පුරවැසියන් බිහි කිරීමත්, ආර්ථික සංවර්ධනයට ඵලදායී ලෙස ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමත් යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි පාසල් සිසුන්ට කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත අධ්‍යයන කටයුතුවල නියැලීමට අවස්ථාව සැලසීම සුදුසු බවට හඳුනා ගෙන ඇතැයි රජය පවසයි.

ඒ අනුව, එහි ආරම්භක පියවරක් වශයෙන් තෝරා ගත් පාසල් 100ක 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ගේ සහභාගීත්වයෙන් “කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ” නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමටත්, එම ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල මත පදනම්ව ඉදිරි වර්ෂයන් තුළදී මෙම වැඩසටහන අනෙකුත් පාසල් සඳහා ව්‍යාප්ත කිරීමටත් තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපති  සහ අධ්‍යාපන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *