විවෘත අධිකරණයේ නඩු විභාග වෙමින් තිබියදී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියට අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කවරයක් විසි කළ විතානගේ දොන් එරංද පෙරේරා නැමැති සැකකරුවෙකුට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා මාස හයක සිර දඬුවමක් නියම කළේය.
තමන්ට එරෙහිව පවරා තිබූ නඩු කටයුත්තකට පෙනී සිටීම සඳහා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට එම විත්තිකරු පැමිණ තිබිණ.
සැකකරුගේ එම ක්‍රියාව විනිසුරු අසුනේ සිටි අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙන්ම විවෘත අධිකරණය හමුවේ රාජකාරියේ නිරතව සිටි අධිකරණය භාර පොලිස් නිලධාරියා ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීන්ද දැක තිබුණු අතර එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ අධිකරණ පොලිස් නිලධාරී එල්.ජී.එෆ් මදුසංක මහතා එකී මත්ද්‍රව්‍ය අඩංගු කවරය සිය භාරයට ගෙන තිබුණේය.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සැකකරුට වෙන් වෙන්ව නඩු පැවරූ අතර එම චෝදනාවලට වරදකරු කරමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මාස තුනක සිර දඬුවමක්ද අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට බරපතළ වැඩ සහිත මාස තුනක සිර දඬුවම්ක්ද වන පරිදි මාස 6 ක සිර දඬුවමක් අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළේය.