කෑම සටනින් මැතිසබේ සේවකයෝ ජය ගනිති

රැපියල්  3600ක් දක්වා ඉහළ දැමුණු පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ  මාසික කෑම  බිල  රුපියල් 2500ක් දක්වා රුපියල් 1100  කින් අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ්‍ය  කාරක සභාව  තීරණය කළේය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල 22දා වනතුරු පැවැතියේ රුපියල් දහසක් වශයෙනි.

එම මුදල රුපියල්  3600ක් දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කළේය.

මාසික කෑම බිල එපමණ  ප්‍රමාණයකින් වැඩි කිරීමට පාර්ලිමේන්තු සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ හදිසියේ  රැස්වී එම මුදල  රුපියල් 1100  කින් මෙසේ අඩු කළ බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ සහ නිලධාරීන්ගේ මාසික කෑම බිල වැඩි කිරීමට පෙරේදා යෝජනා කර ඇත්තේද පාර්ලිමේන්තු නිලධාරීන්  විසිනි.

කෙසේ වෙතත්  රුපියල් 1500 සිට  4000 දක්වා වැඩි කෙරුණු පාර්ලිමේන්තු විධායක නිලධාරීන්ගේ කෑම  බිල වෙනස් නොකිරීමටද තීරණය කර ඇත

මාධ්‍යවේදීන්ට සහ පාර්ලිමේන්තුවේ  පොලිස් නිලධාරීන්ගේ කෑම බිලද  වෙනස්  නොකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *