කසුන් සිද්ධියට පොලිසියේ තිදෙනකුට මාරුවිම්

ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත මාරු කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

එලෙස තාවකාලිකව මාරු කරනු ලැබ ඇත්තේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

අභාවප්‍රාප්ත ජැක්ෂන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර ගීනටිගල මහතා පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට කරන ලද පැමිණිල්ලකට අදාලව කොළඹ දකුණු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ උපදෙස් මත සිදු කරන විමර්ශනයකට අදාලව එම ස්ථාන මාරුවීම් තාවකාලිකව සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *