කවින්දගෙන් මෛත්‍රිට එරෙහිව සීඅයිඩියට පැමිණිල්ලක්

පාස්කු ප්‍රහාරය කළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කළේය.

මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වී තිබියදී මේ කාරණය රහසිගතව තබා ගැනීම දඬුවම් ලැබිය යුතු වරදක් බවත් මේ සම්බන්ධයෙන් ඔහු අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *