කල්පැන්න ලක්ෂ 50 ක ක්‍රීම් අතුරුගිරියෙන් අල්ලයි

රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා කල්ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පැවසීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව කළ විමර්ශනයක දී තහවුරු කරගත් තොරතුරු අනුව විශේෂ වට්ටම් සහිතව විකිණීමට ප්‍රදර්ශනය කර තිබු අදාල කල් ඉකුත් වූ භාණ්ඩ තොගය සොයාගත් බවත්  මේ පිළිබඳ ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එම අධිකාරිය කීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ජයන්ති විජේතුංග මහත්මියගේ උපදෙස් පරිදි වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණයෙන් අධිකාරියේ විමර්ශන නිලධාරීන් වන චතුර හේරත්, ඉරේෂ් හේමන්ත සහ ඩි.ඩි.ඒ ප්‍රනාන්දු වැටලීම ක්‍රියාත්මක කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *