කබ්රාල් ගෙන් හිස්වන මන්ත්‍රීධූරය කා හටද

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ට හිමිවෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජයන්ත කැටගොඩ මහතා පසුගිය දා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා එළැඹෙන සඳුදා උදෑසන සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍යවරයා “අද දෙරණ”ට පැවසුවේ, ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් අනුව මහ බැංකු අධිපතිධුරය භාර ගැනීමට තමන් සූදානමින් සිටින බවය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර 2006 – 2015 සමයේ මෙරට මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළේය.

ඉකුත් මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වූ ඒ මහතා පසුව මුදල් රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේය.

මහ බැකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා තමා සැප්තැම්බර් 14 වැනිදා එම ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කළ බව ඊයේ නිල වශයෙන් අනාවරණ කළේය.

ඔහු පැවසුවේ ගෙවුණු සති දෙකක පමණ කාලය තුළ සිදුවූ ඇතැම් සිත් රිදවීම් හේතුවෙන් තමන් සැළසුම් කළ කාලයට පෙර මෙලෙස ධුරයෙන් විශ්‍රාම යන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *