සමගි ජන බලවේගයේ විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව සජබ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ අධිකරණ නියෝගය නොතකා සමගි ජනබලවේග විරෝධතාවයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට, නීතියට සහ අධිකරණ තීන්දුවට ගරු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව එම පෙත්සම ගොනුකරන බවය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණවලට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියෝග ලබාදුන්නේ නැති බවත් නමුත් සමගි ජන බලවේගයේ උද්ඝෝෂණවලට අනීතිකව පහරදෙන බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.