කඩුවෙළ බැංකු සිද්ධියට සැකපිට තවත් තුනක්

කඩුවෙල රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 13 කට අධික මුදල් අක්‍රමිකතාවය සම්බන්ධයෙන් තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමිවරයා හා තරුණියක් මීට පෙර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබිණි.

මෙම මුදල් වංචාවේ ප්‍රධාන සැකකරු වූ එම රාජ්‍ය බැංකුවේ ප්‍රධාන මුදල් ඇයකැමිට ගම්පහ ප්‍රදේශයේ තරුණියක් ඉකුත් 28 වෙනි දින වට්සැප් ඇමතුමක් ලබා දී හිතවත්වී තමන් තැන්පත් කරන මුදලට දෛනිකව සියයට දහයක මුදලක් ලබාගත හැකි බවට පවසා තිබිණි.

ඒ අනුව එම සැකකරු එදින එම තරුණිය දුන් ගිණුම් අංකයකට රුපියල් 30000/= ක මුදලක් බැර කිරීමෙන් අනතුරුව පැය කීපයක් ගතවෙද්දී සැකකරුගේ ගිණුමට රුපියල් 33000/= මුදල බැර වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *