කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවයි

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මියගේ සේවය වහාම අත්හිටුවීමට  තීරණය කළ අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය මුද්‍රා තැබීමටද පියවර ගෙන ඇත.

කඩුවෙල මහේස්ත්‍රාත්වරියට එරෙහිව ලැබුණු පැමිණිලි කීපයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කළ අධිකරණ සේවා කොමිෂන් සභාව ඇගේ සේවය අත්හිටුවීමට මෙලෙස පියවර ගෙන ඇත.

මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරියට විශේෂ පොලිසිය ආරක්‍ෂාව යෙදවීමට නියම කොට ඇති අධිකරණ සේවා කොමිෂන් සභාව අද (19))දිනයේ දී ඇයට එහි පැමිණ ඇගේ පුද්ගලික භාණ්ඩ ඇත්නම් ඒවා රැගෙන යෑමට අවසර දී ඇතැයි කොම්ෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ  ලේඛකාධිකාරීවරිය සහ එහි  සේවය කරන සේවිකාවන් කිහිපදෙනෙකු පසුගිය සිකුරාදා (16) අධිකරණ සේවා කොමිෂන්ගෙ සභාවට ගෙන්වා කරන ලද විමර්ශනයකින් අනතුරුව  මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවීමට කොමිසම තීරණය කොට ඇත.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු ගොනු 16ක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි වලට අනුව එම නඩු ගොනු 16 කොම්ෂන් සභාවටගෙන්වා ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර අදාල නඩුගොනු පරීක්ෂා කිරීමේදී එවායේ යම් අක්‍රමිකතා සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවූ කරුණු වලට අනුව මහේස්ත්‍රාත්වරියගෙ සේවය වහාම අත්හිටුවා ඉදිරි විමර්ශන කිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *