නීතියෙන් අවසර ලැබෙන ඕනෑම මැතිවරණයකට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේය.
“මෙය මගේ පෞද්ගලික මතය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයයි,” ඔහු මාධ්‍ය හමුවකදී පැවසීය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් තියන්න බැහැ. ඒ නිසා පැවැත්විය හැකි එකම මැතිවරණය පළාත් පාලන මැතිවරණයයි. අපේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවා මැතිවරණයකට යාමට කැමැත්තක් දක්වනවා,” ඔහු පැවසීය.