එළඹෙන සිකුරාදා රට පුරා හර්තාල්…

එළඹෙන සිකුරාදා රට පුරා සියලූ අංශ එක්ව හර්තාල ව්‍යාපාරයක් පවත්වන බව වෘත්තීය සමිති සංවිධාන හා දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් කියා සිටියි.

ඒ සඳහා සියලු වෘත්තීය සමිති, සංවිධාන, පක්ෂවල සහයෝගය දෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

දූෂිත රාජපක්ෂ පාලනය මෙරට පාලනය අතහැරීම සඳහා කටයුතු කල යුතු බවත් එසේ නොකරන්නේ නම් එකොළොස් වැනි දා සිට අඛණ්ඩ හර්තාලයක් රාජපක්ෂ පාලනය ගෙදර යනතුරු ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පැවසීය.

06 වැනිදා පැවැත්වෙන මෙම හර්තාලය සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු සේවාවන් එක්වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *