ඇල්ල ඇල්ලේවල දිය ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලීමෙන් අද (5) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය තිදෙනාම පිරිමි පුද්ගලයන් බවත්, ඔවුන් මාතර ප්රදේශයේ අය බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් වැල්ලවාය පොලිසිය පවසයි.
මේ වන විට මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති අතර අනෙක් මළ සිරුර ද ගොඩගැනීම සඳහා මෙහෙයුම් ක්රියාත්මක බව පොලිසිය පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුරු මොනරාග – සිරිගල රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
මීට පෙරද මිනිසුන් දියේ ගිලී මිය ගිය ස්ථානයක මෙම පුද්ගලයින් දියේ ගිලී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන බවට පුවරු පවා සවිකර ඇති බවද ඔවුහු පවසති.
පසුගිය වසරේ අගභාගයේදීද මෙවැනිම සිදුවීමකින් එකම පවුලේ තිදෙනෙක් මිය ගියහ.