එක්සත් ජාතික ජාතික පක්ෂයේ භූතයන් දෙදෙනකු තමාට කිසිම දේකට එන්න දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
තමාට වැදගත් වන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ ගමනක් යාම බව කී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයට අරක් ගෙන සිටින භූතයන් දෙන්නා මොන විදියකින් හෝ තුරන් කළ යුතුව තිබෙන බව පැවසීය.
එම භූතයන් දෙන්නා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇමක් විදියට පාවිච්චි කරන බව කී කරුණානායක මහතා එජාපය යනු එක දවසින් වට්ටන්න පුළුවන් පක්ෂයක් නොවන බවද පැවසීය.
එජාපය එසේ මෙසේ පක්ෂයක් නොවේ යැයිද කරුණානායක මහතා කීය.
ඔක්කොම එකතු වී වැඩ කරන ආකාරය ගැන දැන් සෙවිය යුතුව තිබෙන නමුත් එජාපයේ සිටින භූතයන් දෙදෙනා තමාට කිසිම රැස්වීමකට එන්න කියා නැතැයිද කරුණානායක මහතා කීය.
ආර්ථිකය අස්ථාවර වූ වෙලාවේ රට ගොඩගත්තේ රනිල් වික්‍රමසිංහ බව කුහක නොවී පිළිගත යුතුව තිබෙන බව කී කරුණානායක මහතා රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයට ඉන්නේ තමා බවද කීය.
මෙම ඡන්දයෙන් පසුව භූතයන් දෙදෙනා ඉවත් කොට සියලු පක්ෂ සමග එක්ව ක්‍රියා කළ යුතුව තිබෙන්නේ යැයිද කරුණානායක මහතා පැවසීය.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රවී කරුණානායක මහතා මේ බව කීය.