එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය 2022 පෙබරවාරි 28 සිට අප්‍රේල් 1 දක්වා ජිනීවාහිදී පැවැත්වේ. සැසියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීනයක් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇති අතර 2022 මාර්තු 3 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් පැවැත්වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. සංචාරය අතරතුර විදේශ අමාත්‍යවරයා කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ කොටස අමතනු ඇති අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී කතා කරනු ඇත. විදේශ අමාත්‍යවරයා සිය සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇතුළු ප්‍රභූවරුන් හමුවීමට ද නියමිතය.