එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවට

එංගලන්තයේ ඈන් කුමරිය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ එළඹෙන ජනවාරි මස 10 වනදා සිට 13 වනදා දක්වා ඇය මෙරට සංචාරය කරන බවය.

මේ අතර එම නිවේදනයේ දැක්වෙන්නේ ඈන් කුමරිය සමග ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද මෙරටට පැමිණීමට නියමිත බවය.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගී වීම සඳහා ඔවුන් මෙරටට පැමිණෙන බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *