පානදුර පිංවත්ත ප්‍රදේශයේදී ඊයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750ක් සමග 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුකර තිබුණේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසිනි.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 75කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සලිදු නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙකු බවට අනාවරණය වී තිබේ.
සැකකරුව දින 7ක කාලයක් රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය.
මීට සති කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැණුනු අතර මෙම මත්ද්‍රව්‍ය තොගය ද ඊට සම්බන්ධ මත්ද්‍රව්‍ය තොගයක් බවට ද පොලීසිය හෙළිකරගෙන ඇත.
මේ අතර නාවික හමුදාව විසින් කෝවිලන් මුහුදු තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 97ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.