යුද සමයේ උතුරු හා නැගෙනහිර අවතැන්වූවන් රඳවා සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මක අතර සිටින පවුල් සංඛ්‍යාව 10කි. ඉන් පවුල් 9ක් සඳහා ඉඩම් නිදහස් කර මේ වසර අවසන්වීමට පෙර නැවත පදිංචි කිරීමට කටයුතු කරමින් සිටින අතර එක් පවුලක් පමණක් ඔවුන්ගේ මුල් ඉඩම ලබාදෙන ලෙස දැඩිව ඉල්ලීම් කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
ඔවුන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශයට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට සුබසාධන මධ්‍යස්ථාන වලට ඇතුළත් නොවී නැවත පදිංචිය බලාපොරොත්තුවෙන් නෑදෑ හිත මිතුරන්ගේ නිවාසවල පවුල් 1502ක් සිටින බවත් ඉන් පවුල් 212ක් සඳහා ඉඩම් නිදහස් කර තිබෙන අතර ඉදිරියේදී ඔවුන්ට නිවාස ලබාදීම නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් කිලිනොච්චිය හා වව්නියාව දිස්ත්‍රික්ක වල ඉදිකරනු ලැබූ නැනෝ ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සේලවනගර් ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය, උරුතිපුරම් නැගෙනහිර ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය,වව්නියාව දිස්ත්‍රික්කයේ කන්කන්කුලම් ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය, වව්නියාව දකුණ අවරන්තලාව ජලපිරිපහදු මධ්‍යස්ථානය මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණි.