යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පුදුකුඩිඉරිප්පුහිදී ඊයේ(26) පැවති “ජය නියතයි ගම අපටයි” ජයග්රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
“පුදුකුඩිඉරිප්පු ප්රදේශයේ ජන රැලියක් ආමන්ත්රණය කරන්නේ මා පළමු වතාවටයි. මීට පෙර මේ පළාතේ ඔබ වෙනත් දේශපාලන කණ්ඩායම් සමඟ කටයුතු කරන්න ඇති. එහෙත් අප වෙනුවෙන් මෙවර වැඩිම ජනතාවක් සමග පවත්වන රැලිය මෙයයි. ගියවර මේ මුලතිව් ආසනය ජාතික ජනබලවේගයට විශාල ජයග්රහණයක් ගෙනත් දුන්නා. උතුරේ දෙමළ මුස්ලිම් ජනතාව ජාතික ජනබලවේගය කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි එකිනෙකා ඈත් වෙලා හිටියේ. පරණ දේශපාලනය විසින් අපව බෙදුවා. උතුරේ ජනතාව තෝරා ගත්තේ උතුරේ දෙමළ පක්ෂවල නායකයින්. දකුණේ ජනතාව තෝරා ගන්නේ දකුණේ සිංහල පක්ෂවල නායකයින්. නැගෙනහිර ජනතාව තෝරා ගන්නේ නැගෙනහිර මුස්ලිම් පක්ෂවල නායකයින්. එහෙත් පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේදී උතුරේ දෙමළ ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් නැගෙනහිර මුස්ලිම් ජනතාවත් සියලු දෙනා තෝරා ගත්තේ ජාතික ජන බලවේගයයි. බෙදිලා හිටපු අපි එකතු වුණා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.