ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධව ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

අඛණ්ඩව ඉන්ධන සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

වත්මන් ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කළේය.

බලශක්ති සහ විදුලිබල අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ දැඩි සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්වුණා.

එම සාකච්ඡාවේදී ප්‍රමාදයකින් තොරව ඉන්ධන ලබා ගැනීම, අඛණ්ඩව ඉන්ධන සැපයීම, විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ලබා දීම පිළිබඳව තීරණවලට එළඹිණි.

2022 මාර්තු 05 වැනිදා සිට විදුලිය බිඳවැටීමක් සිදු නොවන බව නිලධාරීන් ප්‍රතිචාර දක්වා ඇත.

03 සිට සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීමට කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණි.

අධික ඉන්ධන තොග ගබඩා කිරීමෙන් වළකින ලෙසත් කලබල නොවන ලෙසත් නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *