ඉන්ධන ඉල්ලා ගුරුවරුන් විරෝධතා…

ජිවන වියදම ඉහල යාම , ඉන්ධන සහ ගැස් හිගය , විදුල් කප්පාදුවට එරෙහිව බගවන්තලාව ප්‍රදේශයේ සියළුම පාසල් වල ගුරුවරුන් (20) දින පස්වරුවේ බගවන්තලාව නගර මධ්‍යයේදි උද්ඝෝෂණයක නිරත විය.

(20) දින පාසල් නිම විමෙන් පසු බගවන්තලාව නගර මධ්‍යයට පෙලපාලියකින් පැමිණි ගුරුවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කරමින් කියා සිටියේ වත්මන් රජයට රට පාලනය කල නොහැකි බවත්,ජනතාව පිඩාවට පත් වි ඇති නිසා වත්මන් පාලකයින් රට පාලනය කල හැකි පිරිසකට රට භාර දිය යුතු බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි මේ රටේ ජනතාව තැබු විශ්වාසය මේ වන විට බිද වැටි ඇති බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාඵය රාජපක්ෂ මහතාද ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි ගුරුවරුන් කියා සිටියේ.

ගුරුවරුන්ගේ උද්ඝෝෂණයට සහයෝගය දක්වා බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක්ද නගර මධ්‍යයට පිවිස ටයර් පුළුස්සා රජයට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත් වු අතර , මෙම උද්ඝෝෂණයන්ට සහය දක්වා බගවන්තලාව නගරයේ ව්‍යාපාරිකයන් වෙලදසැල් වසා දැමිමට පියවර ගැණින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *