පවතින ඩිිසල් හිගය හේතුවෙන් බලන්ගොඩ ප්‍රදේශයේ අමු තේ දළු ප්‍රවාහන කිරිමටද දැඩි බලපෑමක් එල්ල විි ඇතැයි ප්‍රදේශයේ අමු තේ දළු වෙළෙන්දන් සදහන් කරති.
ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරය අවට ඇති තේ කර්මාන්තශාලාවලට දෛනික අමු තේ දළු ප්‍රවාහනය කිරිම සදහා ලොරි රථවලට විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වන බවද තේ වෙලෙන්දන් පෙන්වා දෙති.
මෙි දිනවල ඉන්ධන පිරවුම්හල්වල ඩිිසල් නොමැති බවත් ඇතැම් ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන සිිමා කර ලබා දිමත් සමග අමු තේ දළු එකතු කිරිම සදහා අදාල ප්‍රදේශවලට ලොරි රථ ධාවනය කිරිම සදහා එම ඉන්ධන ප්‍රමානවත් නොවන බවද තේ වෙලෙන්දන් කියති.
ඉන්ධන නොමැති කම හේතුවෙන් තේ වෙලෙන්දන් කිහිපදෙනෙකුට එකම ලොරි රථයක තේ දළු ප්‍රවාහන කිරිමට සිදුව ඇති බවද ඔවුහු පවසති.
අමු තේ දළු නියමිතව වෙලාවට තේ කර්මාන්තශාලා වලට රැගෙන යා යතු බවත් ප්‍රමාද වු විට අමු තේ දළු වල ප්‍රමිතිය පහත වැටි තේ කොළ නිෂ්පාදන කිරිමමට නොහැකි බවද තේ කර්මාන්තශාලා හිමියන් කියති.
කෙසේ වෙතත් පවතින ඩිසල් හිගය හේතුවෙන් අමු තේ දළු කලට වෙලාවට තේ කර්මාන්තශාලා වලට රැගෙන යැමටද නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද තේ වෙලෙන්දන් සදහන් කරති.
බලන්ගොඩ ප්‍රදේශයේ ජනතාවගෙන් සියයට හැටකම ජිවනෝපාය තේ කර්මාන්තය බව පැවැසේ.
ඉන්ධන හිගය තවත් දින කිහිපයක් පැවැතිහොත් ප්‍රදේශයේ තේ කර්මාන්තය දැඩි අර්බුදයකට පත් වෙන බවද තේ කේෂ්ත්‍රයේ නිරත පිරිස අනතුරැ අගවති.
– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි