Gamunu Wijerathna

ඉන්ධන අඩුවුණත් බස් ගාස්තු එහෙමමයි

ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

බස් ගාස්තු පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු පහළ දැමීමට නම් ඩීසල් මිල සියයට 4කට වැඩි අගයකින් පහළ යායුතු බවත් කොළඹදී ඊයේ(1) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේය.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් රුපියල් 12කින් පහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.

ජූලි මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී මේ පිළිබඳ අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *