‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඉන්දියානු සාගරයේ භූ දේශශපාලන ගැටුම් වලට මැදිහත් නොවී රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් කලාපීයය සාමය ආරක්ෂා කිරීමට නොබැඳි පිළිවතක් අනුගමනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *