ඉන්දීය ගිවිසුම් හත පාර්ලිමේන්තුවට දැම්මේ නෑ

රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

“ඉන්දියානු අගමැතිවරයා සමඟ අත්සන් කළ ගිවිසුම් අපි දැකලා නෑ. අපේ රටට ඉන්දී නායකයෝ විශාල ප්‍රමාණයක් ඇවිත් තිබෙනවා. ඒ නායකයන් ලංකාවට ගෞරවාන්විතව පැමිණිලා ගෞරවාන්විතව ලංකාවට සමුදිලා තමයි පිටත්ව ගියේ. ඒ පැමිණි නායකයන් ලංකාවේ වෙනත් ගුවන්තොටුපල වලින් ඉන්දියාවට ගියේ නෑ. නමුත් මෝදි අගමැතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ අනුරාධපුරයට ගියා. ඒ අවස්ථාවේ අනුරාධපුර ගුවන් තොටුපළ එක දවසට ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කරලා ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කළා. පසුව මෝදි අගමැතිවරයා අනුරාධපුරයේ සිට ගුවන් යානයකින් තමිල්නාඩුවට ගමන් කළා.

මෝදි අගමැතිවරයා ලංකාව සමඟ අත්සන් කරපු ගිවිසුම් වලින් පසුව මාහාරාශ්ඨ වල සිට තමිල්නාඩුවට යනවා වගේ අනුරාධපුරයේ සිට තමිල්නාඩුවට ගුවන් යානයකින් පිටත් වුණා. ඉන්දියාව සහ ලංකාව අතර ඇති කරගත් ගිවිසුම් වලින් පසු ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියා මෝදි අගමැතිවරයා හිතුවද දන්නේ නෑ. ජාත්‍යන්තරය ඉදිරියේ රටේ ගරුත්වය ජාතික ජන බලවේග කණ්ඩායම හෑල්ලුවට ලක් කරමින් සිටිනවා යනුවෙන්ද මුජිබුර් රහුමාන් මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *