ඉන්දියාව ලබන 31 වැනිදා තෙක් පනවා තිබූ ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.
මිල ඉහළ යාම පාලනය කිරීමටත් දේශීය වෙළඳපොලට ප්‍රමාණවත් වන පරිදි ලොකු ලූනු තොග තිබෙන බව සහතික කිරීමටත් ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කරන බව ඉන්දීය රජය ප්‍රකාශ කළේය.
පසුගිය දෙසැම්බර් මස 8 වැනිදා ඉන්දීය රජය ලොකු ලූනු අපනයන තහනම පැනවූ අතර මිත්‍ර රටවල් සඳහා ඒ ඒ රටවල් සඳහා ලබා ගන්නා විශේෂ අවසරය මත එම රටවල් සඳහා ලොකු ලූනු අපනයනය කිරීමට අවසර ලබා දුන්නේය.
තහනම පැනවූ කාලය තුළදී ඉන්දියාව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 64400 එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බංගලාදේශය වෙත අපනයනය කර තිබිණ.නමුත් මෙම තීරණය ඇතැම් රටවල වෙළඳපොලවල ලොකු ලූනු මිල ඉහළ යෑමට හේතු වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.