ඉදිරි පැය 36ක කාලය තුළ ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි දැක්වෙන්නේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවය.
දිවයිනේ සෙසු පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.
උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, විටින්විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇතිවන බවද සඳහන් කරයි.
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිත පීඩන අවපාතය, ඊයේ (02) දින පස්වරුව වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී උතුරු අක්ෂාංශ 10.5° සහ නැගෙනහිර දේශාංශ 84.1° ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කි.මි 380ක් පමණ ඊසාන දෙසින් පැවති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එය අද (03) දිනය වනවිට සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතිය, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර 2023 දෙසැම්බර් 04 දින වනවිට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කර, ඉන්පසු එය උතුරු දෙසට ගමන් කර 2023 දෙසැම්බර් 05 දින වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවේ යැයි බලාපොරොත්තු වෙයි.